News Line| Off Air
Generic placeholder image

Jan
2

ත‍්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කෙරේ

1189 Views


ත‍්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කෙරේ

ත‍්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා පැවසුවේ එක් එක් පුද්ගලයින්ට අවශ්‍ය පරිදි ත‍්‍රිපිටකයේ කරුණු වෙනස් කිරීම වැළැක්වීමේ අරමුණින් මෙය සිදු කරන බවයි.

බුද්ධ ධර්මය විකෘති කිරීම වැළැක්වීම සඳහා ඉදිරියේදී තවත් පියවර රැසක් අනුගමනය කරන බවද අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළා. ලබන 05 වැනිදා ජනාධිපතිවරයා විසින් ජාතික උරුමයක් බවට පත් කරන ත‍්‍රිපිටකය ශාසනයට පූජා කිරීම සිදු කරනු ලබන බවද අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා කියාසිටියා.


News Articles
Latest Videos
Most Popular Post