2018 වසරේ නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ වාහන ලියාපදිංචි කිරිමේ සැලකිය යුතු අඩුවිමක් පෙන්නුම් කර තිබේ. 2018 වසරේ ඔක්තෝබර් මාසය හා සැසදීමේදී නොවැම්බර් මාසයේ වාහන ලියාපදිංචිය 5826 සිට 3354ක් දක්වා අඩුවී තිබේ.එ
කෙසේ වෙතත් 2017 වසරේ නොවැම්බර් හා සසඳා බලන විට වාහන ලියාපදිංචිය 2018 නොවැම්බර් මාසයේදී 2400කින් ඉහළ ගොස් තිබේ. ජේ.බී. සිකියුරිටීස් සමාගම කළ සමීක්ෂණයකින් මේ බව හෙළිව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒසේම Brand New වාහන ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කිරීමද පසුගිය ඔක්තෝබර් මාසය හා සසඳා බැලීමේදි නොවැම්බර් මාසයේදි 683 සිට 365 දක්වා පහළ ගොස් ඇති අතර පසුගිය වසරේ නොවැම්බර් මාසය හා සසඳා බැලිමේදී එය ඒකක 475ක ඉහළ යාමකි.
පසුගිය වසරේදි ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක වන පිරිදි කුඩා මෝටර් රථ සඳහා බදු වැඩිකරීමට මෙන්ම ණයවර ලිපි විවෘත කිරීමේදී එම අගය 100%ක සිට 200%ක් දක්ව වැඩිකිරිමත් හේතුවෙන් මෙසේ වාහන ලියාපදිංචි කිරිම අවමවීමට හේතු වී තිබේ.