News Line| Off Air
Generic placeholder image

Jan
2

මාවනැල්ලේ බුදු පිළිම කැඩු පිරිස් යළි ඇතුලට

853 Views


මාවනැල්ලේ බුදු පිළිම කැඩු පිරිස් යළි ඇතුලට

මාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවන් හත් දෙනා අද 02 මාවනැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ජනවාරි මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල දිසා විනිසුරු මහේස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා අද 2 නියෝග කළා.

බුදු පිළිම වලට හානි කිරිම සම්බන්ධයෙන් මෙම පුද්ගලයන් පසුගිය 26 වැනි දින අත්අඩංගුවට ගෙන තිබුණු අතර සිද්ධියට සම්බන්ධ තවත් ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනිමට මෙ වන විට පොලිස් හා විශේෂ කාර්ය බලකා සෙබළුන් ඇතුළු බුද්ධි අංශ වල කටයුතු මේ වනවිට සිදු වෙමින් පවති. මෙලෙස අත්අඩංගුවට ගැනිමට නියමිත සැකකරුවන් මෙහි ප‍්‍රධාන පෙළේ සමාජිකයන් වන මාවනැල්ල දෙල්ගහගොඩ පදිංචි එකම පවුලේ අයියා සහ මල්ලි වන අතර ඔවුන් නමින් මොහොමඞ් ඉබ්රාහිම් සිද්ධික් අබ්දුල්ලා සහ මොහොමඞ් ඉබ්රාහිම් සාහිඞ්

නඩුව අද දිනයේ විභාගයට ගත් මොහොතේ මාවනැල්ල බුදු පිළිම කැඩිමට අමතරව අදාල සැකකරුවන් ගම්පොල, පොල්ගහවෙල, ඇතුලූ තවත් ප‍්‍රදේශ කිහිපයක බුදු පිළිම කැඩිමේ සිද්ධින් වලට සම්බන්ධ බව පොලිසිය මගින් මහේස්ත‍්‍රාත්වරයා දැනුවත් කර අතර ඉදිරි දින වල එම ප‍්‍රදේශවල අධිකරණයන් වලට ඉදිරිපත් කිරිමට අවසරය ඉල්ලා සිටි අතර එහිදි පොල්ගහවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට පමණක් ජනවාරි 9 වැනිදා ඉදිරිපත් කිරිමට අවශ්‍ය නියෝගය ලබා දිම එහිදි සිදු වුණා.

මෙම සිද්ධිය දැක බලා ගැනිමට දේශපාලන නායකයින් කිහිප දෙනෙක් පැමිණ සිටි අතර මහා සංඝරත්නය හෝ වෙනත් බාහිර පාර්ශව මාවනැල්ල අධිකරණය වෙත හෝ පිටත දැක ගැනිමට නොහැකි විය.


News Articles
Latest Videos
Most Popular Post