News Line| Off Air
Generic placeholder image

Jan
2

රංගේ අල්ලස් කොමිසමට

725 Views


රංගේ අල්ලස් කොමිසමට

පසුගිය කාලයේ පැවැති දින 51 මෛත්‍රී-මහින්ද රජයට එක්වන ලෙස තමන්ට අල්ලස් දීමට උත්සාහ කළ අවස්ථාවල සියලු සාක්‍ෂි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අද (02දා) භාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.

අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, එම දිනවලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු තමන්ට කතා කළ සියලු දෙනාගේ හඬපට, ලේඛන ඇතුළු තොරතුරු අල්ලස් කොමිසමට භාරදුන් බවයි.

මුදල්වලට මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමට උත්සාහ කළ සියලු දෙනාට නීතියෙන් දඬුවම් ලබාදෙන්නැයි අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටි බවද රංගේ බණ්ඩාර මහතා පවසා සිටියා.

මෙම අවස්ථාවට සුජීව සේනසිංහ, ආශු මාරසිංහ, විජේපාල හෙට්ටිආරච්චි, මුජිබර් රහුමාන්, හේෂා විතානගේ, චමින්ද විජේසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post