News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
2

ගාමිණී ජයවික්‍රමගෙන් පංති තහනමක්

663 Views


ගාමිණී  ජයවික්‍රමගෙන් පංති තහනමක්

පෝය දිනවල සහ ඉරිදා දිනවල සවස 2.00 දක්වා කාලය තුළ උපකාරක පංති පැවැත්වීම තහනම් කිරීමට සියලුම ආගම් නියෝජනය කරන අමාත්‍යවරුන් එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාපවසනවා.

අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කිරීමේ කටයුතු සිදුවන බවත්, එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අවශ්‍ය නීති සකස් කරන බවත් ඔහු පවසා සිටියා.

මීට අමතරව දහම් පාසල් සහතිකයට උසස් පෙළ විභාගයේදී, සාමාන්‍ය පෙළ විභාගයේදී සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 10 බැගින් ලබාදීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයාට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බවද අද (02දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post