News Line| Off Air
Generic placeholder image

Jan
3

බ්‍රිතාන්‍ය රැජනගෙන් සම්මාන ලබන ලාංකික වෛද්‍යවරිය

505 Views


බ්‍රිතාන්‍ය රැජනගෙන් සම්මාන ලබන ලාංකික වෛද්‍යවරිය

බ්‍රිතාන්‍ය වෙනුවෙන් විවිධ අංශවලින් සේවය කරන පිරිස් වෙනුවෙන් බ්‍රිතාන්‍ය රැජින වාර්ෂිකව ප්‍රධානය කරන සම්මානයක් ( OBE – Order of the British Empire ශ්‍රී ලාංකිකාවක් වන ටෘඩී නිමාලි සෙනෙවිරත්නට හිමිව තිබේ.ඇය බ්‍රිතාන්‍ය තුළ විශේෂඥ මනෝ චිකිත්සකවරියක් ලෙස කටයුත් කරයි. නිමාලිගේ පියාද වෛද්‍යවරයෙක් වන අතර ඇයගේ මව හෙදියකි. නිමාලිට අවුරුදු 7 දී ඔවුන් එංගලන්තයට ගොස් තිබේ.

නිමාලි මොඩ්ස්ලි ජාතික සෞඛ්‍ය පදනමේ කටයුතු කරන අතර එය ලන්ඩන් නුවර පිහිටා තිබේ.  ඇය ගර්භනී අවස්ථාවේ දරු උපතේදී හා උපතින් පසුව කාන්තාවන්ගේ මනෝ සෞඛ්‍ය වෙනුවෙන් මෙන්ම මනෝ සෞඛ්‍ය වර්ධනය උදෙසා කටයුතු කරන වෛද්‍යවරියකි.මේ පිළිබඳව බී.බි.සී. සිංහල පුවත් සේවයට අදහස් දක්වා ඇති නිමාලි පවසන්නේ “මට හරිම සන්තෝසයි. කියන්නේ මම හිතුවේ නෑ. කොහොමද කියන්නේ … මේක ලැබේවි කියල මම හිතුවෙම නෑ.”


News Articles
Latest Videos
Most Popular Post