මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අවුරුදු 10ක් ගතවි තිබුණත් එහි වගකිවයුත්තන් නීතිය ඉදිරියට පැමිණවීමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අපොහොසත් වී තිබෙන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා ප්‍රකාශ කරනවා.
එසේම මේ පිළිබඳව කරන විමර්ශන වලට අදාළව වගකිව යුත්තන්ට වහාම පියවරක් ගන්නා ලෙස තමන් සඳහන් කරන බවත් ඔහු ප්‍රකාශ කරනවා. සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කරා.