මැලේසියාවේ 05වන සුල්තාන් මුහම්මද් රජු සිය කිරුළ අත්හැර තිබෙනවා. මැලේසියානු රජෙකු සිය කිරුළ අතහැරි පළමු අවස්ථාව ලෙසයි මෙය ඉතිහාසයට එක්වෙනවා.මීට වසර 60කට පමණ පෙර මැලේසියාව, බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබූ අතර මේ වනතෙක් එරට කිසිඳු රජෙකු මෙලෙස සිය කිරුළ අතහැර නැහැ. කෙසේවෙතත් මැලේසියාවේ රාජකීය මාලිගය මෙතෙක් රජුගේ ඉල්ලා අස්වීමට හේතු සඳහන් කර නැතත් මුහම්මද් රජුගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් ඉකුත් දිනවල පල වූ ඇතැම් වාර්තා මෙ තීරණයට හේතුවන්නට ඇති බවයි පැවසෙන්නේ. එම වාර්තාවන්හි සඳහන් වූයේ රජු රුසියානු කාන්තාවක් සමග විවාහ වී ඇති බවයි.
මුහම්මද් රජු ඉකුත් නොවැම්බර් මාසයේ ලෙඩ නිවාඩු ලබා ගෙන තිබුණා. පසුව ඔහු රුසියාවේ මොස්කව් අගනුවරට ගොස් එරට හිටපු රූ රැජිණක් සමග විවාහ වී ඇති අතර එහි ඡායාරූප මාධ්‍ය ඔස්සේ පළවී තිබුණා