News Line| Off Air
Generic placeholder image

Jan
7

ජනපතිගේ නම් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

614 Views


ජනපතිගේ නම් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

පුරප්පාඩු වී පැවැති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුර දෙකක් සහ අභියාචනාධිකරණ විනිසුරු ධූරයක් සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යොමුකළ නාමයන් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය යළිත් හිමිව තිබෙනවා.

එසේම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය විශ්‍රාම ලැබීමෙන් පසුව ඇති වන පුරප්පාඩුව සඳහා ජනාධිපති විසින් යොමු කරන ලද නාමය සඳහාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවි තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද පෙරවරුවේ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

කථානායක කරු ජයසුරිය මහතා – (සභාපති), අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (සාමාජික), විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා – (සාමාජික), ඇමතිනී තලතා අතුකෝරාල මහත්මිය – (සාමාජිකා), පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා – (සාමාජික), ජයන්ත දනපාල මහතා – (සාමාජික), නාගානන්ද සෙල්වකුමාරන් මහතා – (සාමාජික ), ජාවේඩ් යුසුෆ් මහතා -(සාමාජික) යන අය ආණඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජනය කරති.


News Articles
Latest Videos
Most Popular Post