News Line| Off Air
Generic placeholder image

Jan
7

සිංහරාජයටම ඇත්තේ අලි දෙදෙනායි. අලි මිනිස් ගැටුමට හේතුව මොකද්ද?

596 Views


සිංහරාජයටම ඇත්තේ අලි දෙදෙනායි. අලි මිනිස් ගැටුමට හේතුව මොකද්ද?

ලෝක උරුම සිංහරාජය ආශ්‍රිතව වර්තමාන ජීවත් වූ අලි රංචුවේ සංඛ්‍යාව අද වන විට තුන් දෙනෙක් දක්වා පහත වැටී ඇති අතර අදට දැක ගැනීමට හැකියාව ඇත්තේ පිරිමි අලි දෙදෙනෙකු පමයි. තුන් වැනි අලියාට සිදු වූ දෙය අදටත් අභිරහසක්. ගම්වාසීන්ගෙන් දැන ගැනීමට හැකි වූයේ වෙඩි පහරකට ලක්වූ අලියාගේ ලේ තැවරුණු තැන් කිහිපයක් පමණක් අවසන් වරට දැක ගැනීමට හැකි වූ බවයි.

වර්ථමානයේ වෙසෙන අලි දෙදෙනා තමන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා වාර්ෂිකව සිදු කරන්නා වූ සංක්‍රමණ රටාවේ වසරේ මුල් මාස කිහිපය ගත කරන්නේ සිංහරාජයේ උතුරු මායිම ආශ්‍රිත ප්‍රදේශවල බවත් අනෙක් කාල වකවානුව තුල වනබිමෙහි අභ්‍යන්තරය දක්වා ගමන් කර අනෙකුත් මායිම් දක්වා ගමන් කරනු ලබනවා. එම සංක්‍රමණ රටාව ඔවුන්ගේ පාරම්පරිකව පැවත එන්නා වූ ජානමය සංක්‍රමික රටාවක් බව විද්වතුන්ගේ මතයයි.

එදා විශාල අලි ප්‍රමාණයක් සමඟ සහජීවනයෙන් ජීවත් වූ ජනයාට අද අලි දෙදෙනෙකු සමග සහජීවනයක් ඇති කර ගැනීමට නොහැකි වී ඇත්තේ සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව සිදුවන දැව හෙලීම, වල්ලපට්ට කැපීම, කසිප්පු පෙරීම, පතල් හැරීම වැනි විවිධ වූ ජාවාරම් වල යෙදෙන්නන්ට මෙම අලි දෙදෙනා බාධාවක් බැවින් ඔවුන් අලි දෙදෙනාට ඇසිඩ් ගැසීම, ඇණ පටි තැබීම, වෙඩි දැමීම වැනි නොයෙක් හිරිහැර නිරන්තරයෙන් සිදු කිරීම නිසා අලි දෙදෙනා ප්‍රචන්ඩ වීමනිසා බව ගම්වාසීන්පවසනවා.

එම හේතුන් නිසාවෙන් මේ වන විට සිංහරාජයේ අලින් විසින් මිනිස් ජීවිත කිහිපයකටමහානි පමුණුවා ඇත. මේ අලි දෙදෙනා බොහෝ විට ගැටුම් ඇති කර ඇත්තේ පොතුපිටිය සහ රක්වාන අතර ඇති ගම්මාන කිහිපයක ජනතාව සමගයි.

නව වසර උදාවත් සමඟම අලි දෙදෙනා නැවතත් සිංහාරජ උතුරු මායිමට සංක්‍රමණය වීරක්වාන, 4 කනුව ප්‍රදේශයේදී දැක ගැනීමට හැකි විය. පසු ගිය කාලයේ සිදු වූ සිදු වීම් සහ එහිදී මතු වූ විවිධ වූ කරුණු කාරණා සලකා බලද්දී මෙවර පැමිණි අලි දෙදෙනාගේ ජීවිත වලට තර්ජන එල්ල විමට හැකියව ඇත. විධිමත් ක්‍රමවේදයක් සමඟින් අලි දෙදෙනාට සහ ගම්වාසීන්ට සුවිශේෂි ආරක්ෂාවක් සැලසීම අත්‍යවශ්‍යම කරුණක් වී පවතිනවා.

මෙතෙක් අලි දෙදෙනා සමග ඇතිව ඇති ගැටුම් සලකා බලද්දී නොසැලිකිලිමත්භාවය නිසාම සිදු වී ඇති ගැටලු ලෙස හඳුනා ගත හැකි අතර රාත්‍රී කාලයේදී මාර්ග තුළ අඳුරේ ගමන් කිරීම, බීමතින් ගමන් කිරීම, අලීන්ට පහර දීම් ආදී කරුණු හේතුවෙන් ගැටුම් ඇති වී ඇත. මෙවර එම ගැටුම් වලක්වා ගැනීම සඳහා සුවිශේෂ වැඩ පිළිවෙලක් සකස් කොට ජීවිත අවදානම තුරන් කිරීම කල යුතුයි .


News Articles
Latest Videos
Most Popular Post