News Line| Off Air
Generic placeholder image

Jan
7

කරූ මෝල්ටා යයි

605 Views


කරූ මෝල්ටා යයි

පොදු රාජ්‍ය මණ්ඩලීය කථානායක සමුළුවේ විශේෂ සැසිවාරයකට සහභාගීවිම සඳහා වරයා අද(07) මෝල්ටාව බලා පිටත්වුණා.

මහා බ්‍රිතාන්‍යයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරිය සමඟ හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පුළුල් අනුග්‍රහයක් ලබා දෙන වෙස්ට්මිනිස්ටර් පදනම සමඟ 2019 වැඩසටහන පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් සඳහා කථානායකවරයා එක්වීමට නියමිතව තිබෙනවා.

කථානායකවරයාගේ ඉල්ලීම පරිදි පසුගිය තුන් වසර තුළ පොදු ව්‍යාපාර කාරක සභාවේ කෝප් හා රාජ්‍ය ගිණුම්කාරක සභාවේ, කමිටු සාමාජිකයින්ද ඇතුළුව පාර්ලිමේන්තු මන්ත්‍රීන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බොහෝ දෙනෙකුට වෙස්ට්මිනිස්ටර් පදනම මඟින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳ පුහුණු වැඩසටහන් රාශියකට සහභාගී වීමට අවස්ථාව උදාකර දෙනු ලැබුණා.

කථානායකවරයා වෙනුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී විශේෂ පිළිගැනීමක් හා භෝජන සංග්‍රහයක් ද සංවිධානය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post