News Line| Off Air
Generic placeholder image

Jan
8

ලසන්ත ඝාතකයන් ගැන රන්ජන් කියන කතාව

690 Views


ලසන්ත ඝාතකයන් ගැන රන්ජන් කියන කතාව

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් සොයානෙ ඇතත් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක නොවන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහතා පවසනවා.
බොරැල්ල කනත්තේ පැවැති ලසන්ත වික්‍රමතුංග මහතාගේ ගුණානුස්මරණය වෙනුවෙන් එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

“ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවේ දිගින් දිගටම විකුණුනේ ලසන්ත වික්‍රමතුංග මතතා. මට තිබෙන තොරතුරු අනුව මේ ඝාතනයේ සියලු දෙනා සොයාගෙන අවසන්. එකම අවාසනාවන්ත සිද්ධිය තමයි ඔහු ඉපදුණේ ප්‍රභූ පවුලක නොවීම.

ඇත්තටම මහ දවල් බැරියල් දෙකක් මැද බෝල්ට් ගන් එකකින් කරපු ඝාතනය ගැන සියලු සාක්ෂි සොයාගෙන තිබියදී මේක යට ගහනේ මේ ආණ්ඩුවේ, ගිය ආණ්ඩුවේ ප්‍රභලන්. මේක පුදුම තත්ත්වයක්.” යයි රාමනායක මහතා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post