News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
8

ශිෂ්‍යත්වය ගැන තීරණයක්

672 Views


ශිෂ්‍යත්වය ගැන තීරණයක්

ළමා මනෝ විද්‍යාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරනවා. අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (08දා) රැස් වූ ශිෂ්‍යත්ව සමාලෝචන කමිටු රැස්වීමකදීයි.

විභාග තුළින් ළමයාට අනවශ්‍ය මානසික පීඩනයක් ලබා නොදීමට පියවර ගත යුතු බව අවධාරණය කළ අධ්‍යාපන අමාත්‍යවරයා ළමා මනෝ විද්‍යාඥයින්, සමාජ විද්‍යාඥයින් සහ අධ්‍යාපනඥයින්ගේ දායකත්වය ඒ සඳහා අවශ්‍ය බව ද පෙන්වා දී තිබෙනවා.

මෙම සමාලෝචන කමිටුවට අධ්‍යාපන ලේකම්වරයා ඇතුලු ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්, විශේෂඥ හා ළමා රෝග වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්, අධ්‍යාපනඥයින් ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන්, විභාග කොමසාරිස්වරුන් සහ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහභාගි වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post