News Line| Off Air
Generic placeholder image

Jan
8

අපි පරාදයි – ජනපති

1017 Views


අපි පරාදයි – ජනපති

සුගිය වසර හතරක කාලය තුළදී වංචාව, දූෂණය, නාස්තිය නැති කිරිමට මීට වසර 4කට පෙර පත්වූ රජයට නොහැකි වූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා. ලග්ගල නව නගරය විවෘත කිරිමේ අවස්ථාව එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කරා.

“මාව පත්කරගෙන වසර 4ක් සම්පූර්ණ වනවා. තවත් වසරක් ලබනවා. මේ අවුරුදු හතරේදී ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළා. නිදහස ශක්තිමත් වුණා. නිදහස් මාධ්‍යක්, ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කළා. ගෙවිගිය සිවුවසරක කාලය නව රජයක් බලයට පත්විමෙන් මිට වසර 4කට පෙර රටේ ජනතාව බලාපොරොත්තු වූ අරමුණු ඉටු කර ගැනීමට අප කටයුතු කළා. එහි ප්‍රථිඵල තිබෙනවා. සාර්ථකභාවයන් වගේ අසාර්ථක භාවයන් තිබෙනවා.

ලැබූ ජයග්‍රහණ ගැන කතාකරනවා වගේම. ලබා ඇති පරාජයන් පරාජ කර ඒවායෙන් ජයග්‍රහණය කරන්න ඉදිරි කාලය තුළ මම තමුන්නාන්සේලා වෙනුවෙන් කැපවෙනවා.

ලැබුණ ජය ගැන කතා කරන්නේ නෑ. ලැබූ පරාජයන් මොනවද යහපාලනය මූලික සංකල්පය වන වංචාව,දූෂණය හොරකම නාස්තිය පරාජය කිරිමට අපි පරාජය වෙලා තියෙනවා. මම එයයි කිව්වේ පරාජය වූ දේ ජය ගන්න අපි සියල්ලම අධිෂ්ඨානශීලි ලෙස එක්වෙමු.

මේ රටේ අපට තිබෙන බරපතල අභියෝගය දූෂණය, හොරකම, නාස්තියයි. දේශපාලඡඥයින්ගේ සිට පහළට ගලාගිය මේ මහා ජාතික ව්‍යවසනය තරන් කරන්න අපි අත්වැලි බැඳ ගත යුතුයි.” ලෙස ජනාධිපතිතුමා වැඩි දුරටත් ප්‍රකාශ කරා.


News Articles
Latest Videos
Most Popular Post