ආසියානු පාපන්දු කුසලාන තරගාවලියේ තායිලන්ත කණ්ඩායමට එරෙහිව ගෝල 02 ක් වාර්තා කළ ඉන්දියානු කී‍්‍රඩක සුනිල් චෙට්ටි ලොව වැඩිම ගෝල ලාබී පාපන්දු ක‍්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා
මේ වනවිට ලොව වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගත් කී‍්‍රඩකයා ලෙස ඉදිරියෙන් පසුවන්නේ ආර්ජන්ටිනා කී‍්‍රඩක ලයනල් මෙසී
ඔහු ලබාගත් ගෝල සංඛ්‍යාව 69 ක්
ඉන්දියානු පාපන්දු කී‍්‍රඩක සුනිල් චෙට්ටි ගෝල 67 ක් මේ වනවිට ලබා ගැනීමට සමත්ව තිබෙනවා
කෙසේ වුවත් මාධ්‍ය වෙත සුනිල් චෙට්ටි පවසා ඇත්තේ මෙම වාර්තාව තමන්ට විශාල ගෞරවයක් නමුත් කිසි විටෙක ලයනල් මෙසී හෝ රොනාල්ඩෝ හා තමාව සංසන්දනය කිරීමට කැමැත්තක් නොමැති බවයි