News Line| Off Air
Generic placeholder image

Jan
9

පැෆ්රල් සංවිධානයෙන් ජනපතිට සහ අගමැතිට ලිපියක්

1364 Views


පැෆ්රල් සංවිධානයෙන් ජනපතිට සහ අගමැතිට ලිපියක්

දිගින් දිගටම පළාත් සභා මැතිවරණය කල්යාම පිළිබද අප්‍රසාදය පල කරමින් පැෆ්රල් සංවිධානය යළිත් වරක් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

අදාළ ලිපිය මගින් එම සංවිධානය පෙන්වා දී ඇත්තේ මේ වන විට පළාත් සභා 06ක නිල කාලය අවසන්ව ඇති අතර එළඹෙන අප්‍රේල් මාසය වන විට තවත් පළාත් සභා දෙකක නිල කාලය අවසන් වන බවයි.

පවතින තත්ත්වය හමුවේ ජනතාවගේ පරමාධිපත්‍යය වන ඡන්ද අයිතිය රැකදීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ක්‍රියාකරනු ඇති බව පැෆ්රල් සංවිධානය අදාළ ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post