News Line| Off Air
Generic placeholder image

Jan
9

පාර්ලිමේන්තුව ගැන කතා කරන්නත් ලැජ්ජයි

447 Views


පාර්ලිමේන්තුව ගැන කතා කරන්නත් ලැජ්ජයි

වර්තමාන පාර්ලිමේන්තුව ඇතුළේ විනයක්, සදාචාරයක් නැති බවත්, පාර්ලිමේන්තුව ඇතුළේ තත්ත්වය පිළිබඳව කතා කිරීමටද ලැජ්ජා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

එසේම තමන් නිතරම හිතන්නේ මෙර රට තුළ පාර්ලිමේන්තුවට කුමක්ද සිදුවූයේ යන්න පිළිබඳව බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කරන්දෙනිය මධ්‍ය විද්‍යාලයට වසර හැත්තෑපහක් සපිරීම නිමිත්තෙන් අද (09දා) දින පැවැති ‘කරන්දෙණි අභිමාන’ උත්සව සභාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින්ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ,

“මමත් පාර්ලිමේන්තුවේ සාමාජිකයෙක් නිසා පාර්ලිමේන්තුවේ තත්ත්වය ගැන ඇත්තට මට ලැජ්ජයි. පසුගිය දවස්වල පාර්ලිමේන්තුව ඇතුළෙ හරියට බිග් මැච් එකක් ඉවරවෙලා පාසල් දෙකක පිරිමි ළමුන් හැසිරුණා ආකාරයටයි හැසිරුනේ.

අපි මේවා වහන්න හොඳ නැහැ. අපි රටට ආදර්ශයක් දෙන්න ඕන. අපි කොහොමද ඉදිරියට යන්නේ. ඒ වැරැද්ද අපි පිළිඅරගෙන නැහැ. මම කියන්නේ අපි කොච්චර ලැජ්ජ වුණත් මේ ගැන ක්‍රියා කරන්න ඕන.

මොකක්ද සිදුවූයේ කියලා ඔක්කොම දැනගන්න ඕන. ඒ කාලේ සමාජ වෙබ්අඩවි ශිෂ්‍යයන් තරුණ තරුණියන් දාලා තිබුණු ඒවා දැක්කා. ඒකම ඇති ලැජ්ජ වෙන්න. මේවා හදන්න ඕන. අපි මහජන නියෝජිතයන්. අපේ වැරදි තියෙනවානම් ඒවා ගැන කතා කරන්න ඕනෙ. නැත්නම් මේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය නැතිවෙලා යනවා.”


News Articles
Latest Videos
Most Popular Post