News Line| Off Air
Generic placeholder image

Jan
9

ඕස්ටේ‍්‍රලියාවේ තානාපති කාර්යාලවලින් සැක කටයුතු පාර්සල් හමුවෙයි

661 Views


ඕස්ටේ‍්‍රලියාවේ තානාපති කාර්යාලවලින් සැක කටයුතු පාර්සල් හමුවෙයි

ඕස්ටේ‍්‍රලියාවේ පිහිටා තිබෙන විදෙස් රාජ්‍ය තාන්ති‍්‍රක කාර්යාල කිහිපයකට සැක කටයුතු පාර්සල් ලැබීම සම්බන්ධයෙන් එරට බලධාරීන් මේ වනවිට විශේෂ පරික්‍ෂණයක් ආරම්භ කොට තිබෙනවා.

මෙලෙස සැකකටයුතු පාර්සල් ලැබී තිබෙන්නේ කැන්බරා සහ මෙල්බර්න්හි පිහිටි තානාපති කාර්යාලවලටයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බි‍්‍රතාන්‍යය, ස්විට්සර්ලන්තය, අමෙරිකානු සහ පාකිස්තාන යන රටවල තානාපති කාර්යාලවලට මෙම පාර්සල් ලැබී තිබෙන බවයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවීමත් සමග ඉන්දියාව, දකුණු කොරියාව, නවසීලන්තය, ගී‍්‍රසිය සහ ඉතාලිය යන රටවල රාජතාන්ති‍්‍රක කාර්යාලවලටද එරට ආරක්‍ෂක අංශ විශේෂ ආරක්‍ෂාවක් ලබා දී තිබෙනවා.

මෙලෙස සැකකටයුතු පාර්සල් ලැබීමේ සිද්ධීන් රැසක්ම මේ වන විට වාර්තා වී තිබෙන බව ඕස්ටේ‍්‍රලියානු පොලීසිය ප්‍රකාශ කළද ඒවායේ තිබූ ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අනාවරණයක් සිදුකර නැහැ.


News Articles
Latest Videos
Most Popular Post