News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
10

ශ්‍රී.ල.නි.ප ජනාධිපති අපේක්ෂකයා කවුද? මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වාගෙන් හෙළිදරවුවක්

1063 Views


ශ්‍රී.ල.නි.ප ජනාධිපති අපේක්ෂකයා කවුද? මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වාගෙන් හෙළිදරවුවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙසින් මෙවරත් නම් කර සිටින්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

අද(10) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතා මේ බව පැවසුවා.

මේ වර්ෂය මැතිවරණ වර්ෂයක් බවත් ජනාධිපති අපේක්ෂකයා ලෙසින් පක්ෂයෙන් නම් කොට තිබෙන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව වන බවත් නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසුවා.

පක්ෂයේ යෝජනාව වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා විය යුතුය යන්න බවත් එය තීරණය වන්නේ නාමයෝජනා භාර දීමට පෙර දිනයේදී බවත් ඔහු පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එදා පැවති ශක්තිය අද වන විට ඒ අයුරින්ම පවතින බවද පැවසුවා.

ජනාධිපතිවරණය ඊලඟ ජනවාරි 8 වැනිදාට පෙර පැවැත්විය යුතු වන බවත් ඔක්තොබර් මස අග වන විට ඒ සඳහා නාමයෝජනා භාර දීම කැඳවීම සිදු කළ යුතු බවත් පැවසුවා.

මෙම මාධ්‍ය හමුව අමතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සහ රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාද එක් වුණා.


News Articles
Latest Videos
Most Popular Post