News Line| Off Air
Generic placeholder image

Jan
11

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැන කමිටු වාර්තා 5 ක් පාර්ලිමේන්තුවට

745 Views


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැන කමිටු වාර්තා 5 ක් පාර්ලිමේන්තුවට

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ විද්වත් කමිටු වාර්තා 5ක් ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දින (11දා) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව ඒ පිළිබඳව විවාදයක් ආරම්භ වුණා. මෙහිදී වාර්තා ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රට පාවා නොදෙන බවත් බුදුදහමට ඇති ප්‍රමුඛතාව හා රටේ ඒකීය භාවය වෙනස් කිරීමට නව ව්‍යවස්ථාවකින් කටයුතු නොකරන බවයි.

මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය. ඉන් අනතුරු අදහස් දැක්වූ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට වත්මන් පාර්ලිමේන්තුවට සුජාත භාවයක් නැති බවයි.

පළාත් පාලන මැතිවරණයේ තීන්දුව අනුව වත්මන් රජයට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ බලයක් නොමැති බවත් ඔහු සඳහන් කළා. වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට ගොස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා ඉදිරිපත් කර ජනතාවගේ බලයක් ලබාගත යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව අදහස් දැක්වූ හිටපු විපක්ෂනාය ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු දිගුකාලීන අවශ්‍යතාවක් වන බවයි.

පසුව අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජනා සම්බන්ධයෙන් විද්වත් කමිටු තුළඳ එකඟතාවක් නැති බවයි.


News Articles
Latest Videos
Most Popular Post