News Line| Off Air
Generic placeholder image

Jan
11

ටිල්වින්ට කෝටියක වන්දියක් ගෙවන්න විමල්ට නියෝග

1082 Views


ටිල්වින්ට කෝටියක වන්දියක් ගෙවන්න විමල්ට නියෝග

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් කෝටියක වන්දියක් ගෙවන ලෙසට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අද (11දා) කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කළා.

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට හා දේශපාලන මණ්ඩලයට ටිල්වින් සිල්වා මහතා ඉදිරිපත් කළ අදහස් සහ යෝජනා ඇතුළත් කරමින් ‘නැත්ත වෙනුවට ඇත්ත’ නමින් කෘතියක් පළ කරමින් බුද්ධිය දේපළ පනත උල්ලංඝනය කිරීම හේතුවෙනි.

වසර 10ක් පුරා පැවැති නඩුවේ මූලික පෙත්සම් විභාගයෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇති අතර එහිදී පැමිණිලිකරු ඉල්ලා සිටි සියලු සහන අධිකරණය විසින් ලබාදුන්නා.

මෙම පොත මුද්‍රණය, බෙදාහාරිහැරීම හා විකිණීම වළක්වාලමින් මිට පෙර වාරණ නියෝගයක්ද නිකුත් කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post