2019 වසර අවසන් වීමට පෙර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බවත්, නව ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් කඩා වැටුණු රට නැවත ගොඩනැගීමට තරුණ ජවය සහ සහභාගීත්වය තමන් අපේක්‍ෂා කරන බවත්, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පවසනවා.
බැසිල් රාජපක්‍ෂ මහතා මේ අදහස් පළ කළේ අද(13) පෙරවරුවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහර ආසනයේ තරුණ බලමණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනුයි.
මෙහිදි වැඩිදුරටත් එම මහතා සඳහන් කළේ,
මෙය හුදු ප‍්‍රකාශයක් පමණක් නොවන බවත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා වසරක් ගතවන විට වසර 72ක් පැරණි එජාපයටත් වසර 67ක් පැරණි ශ‍්‍රිලනිපයටත් වසර 53 කට වඩා පැරණි ජවිපේටත් සමහර දිස්ත‍්‍රීක්ක වලින් එක් කොට්ඨාසයක් හෝ දිනාගත නොහැකි තත්වයට පත්කිරීමට තම පක්‍ෂයට හැකිවූ බවත්ය.
ඉදිරි ඕනෑම මැතිවරණයකදී දිස්ත‍්‍රීක් 19 ක් තම පක්‍ෂය ජය ගන්නා බවද ඔහු අවධාරණය කළා.