News Line| Off Air
Generic placeholder image

Jan
14

චන්දිමාල් සහ මහේල සීතල යුද්ධයක.

4180 Views


චන්දිමාල් සහ මහේල සීතල යුද්ධයක.

ශ්‍රී ලංකාවේ ෆේස්බුක් ගිණුම් හිමියන් අතර Like ෆේස්බුක් පිටු පවත්වාගෙන යන පුද්ගලයන් අතර ඉදිරියෙන් සිටින පුද්ගලයෙක් ලෙස හම්සා හනීෆා හැදින්විය හැකියි. Bro ෆෙස්බුක් පිටුවේ හිමිකරු වන හනීෆා පසුගියදා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන දිනේෂ් චන්දිමාල් හා තිසර පෙරේරාගේ ෆේස්බුක් ගිණුම් තමන් පාලනය කරන බවයි.

එසේම ක්‍රිකට් ක්‍රීඩකයන් කලු සල්ලි සුදු කරන ආකාරයත්, නායකයන් වෙනස් කරන ආකාරයත් ඔහු මෙහිදී සඳහන් කළා.

කෙසේ වෙතත් ඒ සඳහා පිළිතුරු ලබාදෙමින් කරමින් දිනේෂ් චන්දිමාල් සඳහන් කළේ එය තම ප්‍රතිරූපය විනාශ කිරිම වෙනුවෙන් නිර්මාණය කළ කතාවක් බවත් එම ප්‍රවෘත්ති සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙසත් ඔහු ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධනගෙන් සිය ට්විටර් ගිණුම් හරහා ඉල්ලීමක් සිදු කළා.

එයට ප්‍රතිචාර දක්වමින් මහේල සඳහන් කළේ තමන් ඒ සඳහා ප්‍රතිචාර නොදැක්වූ බවත් මිනිස්සුන්ට යම් මතයක් ප්‍රකාශ කළ හැකි වුවත් එයට ප්‍රතිචාර දැක්විම දිනේෂ් චන්දිමාල්ට අයත් දෙයක් බවත්ය.


News Articles
Latest Videos
Most Popular Post