News Line| Off Air
Generic placeholder image

Jan
14

අලුතෙන් හඳුන්වාදුන් පැණිරස බද්ද

783 Views


අලුතෙන් හඳුන්වාදුන් පැණිරස බද්ද

අධික ලෙස සීනි අඩංගු පැණි බීම සහ ආහාර වර්ග පරිභෝජනය කිරීම අධෛර්යමත් කිරීමේ අයුරින් ඒවා මත සීනි බද්දක් පසුගිය වසරේ සිට පැනවූ පැනවූ එංගලන්ත සෞඛ්‍යය නිලධාරීන් ජනතාව අතර අතිශයින් ජනප්‍රිය පුඩින් වර්ග වර්ග දහයක් සඳහා සීනි බද්දක් පැනවීමට සැලසුම් කර ඇතැයි නව වසරේ වාර්තා විය.

මේ අනුව සීනි අධික ලෙස යොදා ගෙන සාදනු ලබන පුඩින් වර්ග, යෝගට්, සීරියල් ආහාර, චොකලට් රස, කැවිලි, ඇතුළු සීනි අධික ලෙස අඩංගු ජනප්‍රිය ආහාර වර්ග දහයකට මෙසේ සීනි බදු පැනවීමට නියමිතයි.

නත්තල් සමයේ බටහිර රටවල ජනප්‍රිය ආහාර වර්ගයක් වන පුඩින් වර්ග සඳහා සීනි බද්දක් පැන වෙනුවෙන් ප්‍රථම වරට ය. මෙවැනි බද්දක් පැනවීමට නිලධාරීන් තීරණය කර ඇත්තේ දැනට එංගලන්තය ඇතුළු බටහිර රටවල තරබාරු වසංගතය මැඩපැවැත්වීමේ අරමුණින් ය.

අධික ලෙස සීනි එකතු එකතු කිරීම හේතුවෙන් පුඩින් වර්ග හරහා සීනි විශාල ප්‍රමාණයක් ශරීරගත වීම මත ඒවා මත බදු පැනවීමට එංගලන්ත රජය අවධානය යොමු කර තිබෙනවා.

අනෙක් අතට දැනටමත් එන්ගලන්තයේ සෑම වයස් කාණ්ඩයකටම අයත් වූවක් සඳහා දෛනිකව ලබා ගත යුතු සීනි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කරන බව අනාවරණය අනාවරණයවී තිබෙනවා. ඒ අතරින් වයස අවුරුදු 13 සිට 19 දක්වා වයස් කාණ්ඩයට අයත් වූවන් නිර්දේශිත සීනි ප්‍රමාණයට වඩා තුන් ගුණයකට අධික සීනි ප්‍රමාණයක් පරිභෝජනය කරන බව හෙළි වී තිබෙනවා.

එංගලන්ත සෞඛ්‍ය නිලධාරීන්ට අනුව ලොව පුරා දියවැඩියාව හෘද රෝග ඇතුළු බෝවන රෝග ගණනාවකට හේතු වී ඇති තරබාරු බව මේ වන විට එංගලන්තයේ යෞවනයන් ද ආක්‍රමණය කරමින් සිටිනවා.

එරට දත්තවලට අනුව ප්‍රාථමික පාසලට යන විට සෑම දරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට වඩා නියමිත බර ප්‍රමාණයට වඩා වැඩි බරකින් හෝ තරබාරු බවින් පෙළේ. ඔවුන්ගෙන් තුනෙන් එකක් ම පාසල් සමය අවසානය කරන විට බරට වඩා වැඩි බරකින් හෝ තරබාරු බවින් පෙළෙන බව අනාවරණයවී තිබෙනවා.

මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ ළමුන් අතර ප්‍රචලිත පුඩින් වර්ග සහ පැනි බීම වර්ගයි. ළමුන් ලබා ගන්නා සීනි ප්‍රමාණයෙන් 10% ක් ම පැනවීම හරහා ලැබෙන බවත් එම ප්‍රමාණය මෙන් දෙගුණයකට වඩා පුඩින් වර්ග අයිස් ක්‍රීම් සහ රසකැවිලි හරහා ලැබෙන බවත් හෙළි හෙළිවී තිබෙනවා.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන අධික ලෙස සීනි අඩංගු පුඩින් වර්ග සඳහා සීනි බද්දක් අය කිරීම කෙරෙහි එංගලන්තයෙ සෞඛ්‍ය බලධාරීන් දැඩි ලෙස අවධානය යොමු කර තිබෙනවා .

විශේෂයෙන්ම දැනට නිපදවනු ලබන පුඩින් වර්ග වලට යොදන සීනි ප්‍රමාණය වැඩි වී තිබීමද මෙම තත්ත්වයට හේතු වී තිබේ.මෙවැනි සීනි බද්දක් පුඩිං වර්ග වලට පැමිණි වීමෙන් බලාපොරොත්තු වෙන් වූයේ පුඩින් නිෂ්පාදනයක් සීනි වෙනුවට අඩු පැණි රස අධික කාරකයන් සම නිෂ්පාදකයන් සඳහා යොදා යොදා ගැනීමට පෙළඹවීම සහ පාරිභෝගිකයන් ඒවා වැඩි වශයෙන් භාවිතා කිරීම වැළැක්වීමයි.


News Articles
Latest Videos
Most Popular Post