News Line| Off Air
Generic placeholder image

Jan
14

රටේ නායකයෝ, නායකයෝ වශයෙන් වැඩ කරන්නෙ නෑ – රවී කියයි

470 Views


රටේ නායකයෝ, නායකයෝ වශයෙන් වැඩ කරන්නෙ නෑ –  රවී කියයි

“නිදහස් අධ්‍යාපනය තුලින් ලැබෙන දේ රටට ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි තත්ත්වයට අද පත්වෙලා තිබෙනවා. අද විශ්වවිද්‍යාල, පද්ධතිය බැලුවොත්, හැමදාමත් වහලා තමයි තියෙන්නෙ. නිදහස් අධ්‍යාපනය තුළින් නොමිලයේ ලැබෙන නිසාද මේ ආකාරයෙන් අගයක් නොමැති තත්ත්වයට පත්වෙලා තිබෙන්නේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (13) පස්වරුවේ මහරගම ප්‍රදේශයේ දරුදැරියන්ට අභ්‍යාස පොත්, පාසල් උපකරණ ලබාදීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා දැක්වූවේ,

විදේශීය රටවල් වයස අවුරුදු 21-22 පමණ වනවිට අධ්‍යාපනය හදාරලා, උපාධි ලබාගෙන ආර්ථික ලෝකයට එකතු වෙනවා. ලංකාවේ ශිෂ්‍යයෙක් අවුරුදු 25 ක් වුණත් ඒ තත්ත්වයට පත්වෙලා නැහැ. ඔවුන් හැමදාමත් බෝඩ් ලෑලි අල්ලාගෙන, පෙළපාලි යනවා. මේකද අධ්‍යාපනයේ ඇති වටිනාකම?. අපි නැවත හිතන්න අවශ්‍යයි. අපේ තරුණ තරුණියන්ගේ නොදැනුවත්කම නිසා දැන් මේ උසස් අධ්‍යාපනයත් දේශපාලන උපක්‍රමයක් බවට පරිවර්තනය කරගෙන.

අද දේශපාලන නායකයෝ වුණත් සැලකිලිමත් වන්නේ ඡන්දය ගැන මිසක් රට ගැන නොවෙයි. අපි ජීවන වියදම ගැන කතා කරනකොට අපි බලන්නේ කොහොමද යම් සහනාධාරයක් ලබාදෙන්නේ කියලා විතරයි. ඒත් දුප්පත්කම නැති කරන්නේ කොහොමද කියලා අපි බලන්නේ නැහැ. අද දේශපාලනඥයෝ විරැකියාව ගැන කතා කරනවා. නමුත් නූතන ලෝකයේ විරැකියාව දුරලන මාර්ග පෙන්නලා නැහැ කව්රුවත්.

අද වන විට රටේ නායකයෝ, නායකයෝ වශයෙන් කටයුතු කරන්නේ නැහැ. ඔවුන් දේශපාලනඥයෝ වශයෙන් පමණක් කටයුතු කරන එක තමයි රටට හෙනයක් වෙලා තිබෙන්නේ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරනවා.


News Articles
Latest Videos
Most Popular Post