News Line| Off Air
Generic placeholder image

Jan
16

2018දී අලුතින් වාහන 480,799ක් පාරට

453 Views


2018දී අලුතින් වාහන 480,799ක් පාරට

2018 වසර තුළදී අලුතින් වාහන 480,799ක් ලියාපදිංචි කර තිබේ.මේ අනුව පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට රටතුළ වාහන 7,727,921ක් ලියාපදිංචි වී ඇත. 2017 වසර තුළදී වාහන හාරලක්ෂ පනස් එක්දහස් හයසිය පනස් තුනක් ලියාපදිංචි කර ඇති අතර, 2017 වසරට සාපේක්ෂව 2018 වසරේදී වාහන ලියාපදිංචිය විසි නවදහස් එකසිය හතළිස් හයකින් ඉහළ ගොස් තිබේ.

2008 වසරවනවිට ලංකාවේ ලියාපදිංචි සමස්ත වාහන ප්‍රමාණය 3,390,993ක් ලියාපදිංචිව තිබූ අතර, ගෙවීගිය වසර 10 තුළදී පමණක් වාහන 4,336,928 ලියාපදිංචි කර ඇත.

සමස්ත වාහන ප්‍රමාණයෙන් 4,383,773ක් යතුරු පැදිවේ.මෝටර් රථ 837,632ක් ලියාපදිංචි කර තිබෙන අතර, ත්‍රි‘රෝද රථ 1,159,587ක් ලියාපදිංචි වී ඇත.පසුගිය වසරේ අඩුවෙන්ම ලියාපදිංචි වී තිබෙන්නේ හර්ස් රථවාහන අතර පසුගිය වසරේදී හර්ස් රථ දෙකක් ලියාපදිංචි වී තිබේ.මේ අනුව ලංකාව තුළ තිබෙන සමස්ත හර්ස් රථ ප්‍රමාණය 481කි.


News Articles
Latest Videos
Most Popular Post