News Line| Off Air
Generic placeholder image

Jan
16

IMF කණ්ඩායමක් පෙබරවාරියේදි දිවයිනට

427 Views


IMF කණ්ඩායමක් පෙබරවාරියේදි දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාවේ නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව නිවේදනයක් නිකුත් කර ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන්නේ එහි කණ්ඩායමක් පෙබරවාරි මස මැදදි ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටීන් ලැගාර්ඩ් මහත්මිය සඳහන් කරනේනේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට තවදුරටත් සූදානම් බවයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර, කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක්විය.

“අපි ශ්‍රී ලංකාවේ ආර්ථික පරිසරයේ අභියෝග මෙන්ම ප්‍රතිපත්ති ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡා කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තවදුරටත් කරගෙන යෑමට ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශ කළා.ශ්‍රී ලංකාවේ සෑම දෙනෙකුටම ප්‍රතිලාභ ලැබෙන අයුරින් තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් මාර්ගය සකස් කිරිම, විශ්වාසය වර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රය ශක්තිමත් ප්‍රතිපත්ති මිශ්‍රණයක් යටතේ ක්‍රියාත්මක කිරීමට අපි එකඟ වුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් තවදුරටත් සහාය දැක්වීමට ජාත්‍යන්ර මූල්‍ය අරමුදල සූදානම්, මේ වැඩසටහනේ සාකච්ඡා නැවත ආරම්භ කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් පෙබරවාරි මාසයේ මැද භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.”



News Articles
Latest Videos
Most Popular Post