News Line| Off Air
Generic placeholder image

Jan
16

රාජිත වංචාවක් හෙළි කරයි

538 Views


රාජිත වංචාවක් හෙළි කරයි

පසුගිය රජය සමයේදී පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර ගෙන ඒමේදී වංචාවක් සිදුවී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරනවා.

රාගම ශික්ෂණ රෝහලේ ඉදිකරන ලද නව හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය විවෘත කිරිමේ අවස්ථාවට අද (15දා) එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කරා.

“පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර ගෙන ඒමේදී පසුගිය රජය විසින් සිදු කරන ලද මහාපරිමාණ වංචාවක්. එම උපකරණ සහතික කළ යුත්තේ විශේෂඥ වෛද්‍යවරයෙකු වුවත්, සහතික කර තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාමාන්‍ය නිලධාරියෙක් විසින්.

මෙම යන්ත්‍ර සහතික කළ නිලධාරියා පිළිබද විමර්ශනය කරන විට ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශ්‍රාම ගියා. ආනයනය කරන ලද සමාගම් සමග සාකච්ඡා කරලා නවීන උපකරණ 2019 වසරේ දී ලබාදීමට පොරොන්දු වී තිබේ.

එම උපකරණ ලැබුණු පසු පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරිම සඳහා යොදාගන්න පුළුවන්. ආනයනය කරන ලද සමාගම මාධ්‍ය හරහා මෙම යන්ත්‍රවල ගුණාත්මකභාවය පෙන්වා දෙන්න උත්සාහ කරනු ලැබුවා.

මෙම ගණුදෙනුව පිටුපස සිටියේ කවුද කියලා මම හෙළි කරන්නේ නෑ. පසුගිය රජය සිදු කළ මෙවැනි දුෂණ සහ වංචා සියල්ල නිවැරදි කරන්න බැහැ. හැකි පමණින් නිවැරදි කරමින් සෞඛ්‍ය සේවාව ඉදිරියට ගෙන යනවා.”


News Articles
Latest Videos
Most Popular Post