News Line| Off Air
Generic placeholder image

Jan
16

සරසවි වරම් අහිමිවූවන්ට උසස් අධ්‍යාපනයට පොළී රහිත ණය

1359 Views


සරසවි වරම් අහිමිවූවන්ට උසස්  අධ්‍යාපනයට පොළී රහිත ණය

උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් දියත් කිරීමට නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

2017 අ.පො.ස. (උ.පෙළ) විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබුවද රාජ්‍ය විශ්වවිද්‍යාලයකට තේරී පත් නොවූ ශිෂ්‍යයන් හට ඔවුන්ගේ උසස් අධ්‍යාපන අපේක්ෂාවන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමත රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක් මගින් ඉටුකර ගැනීමට මෙම ණය ආධාර ක්‍රමය උපකාර වෙනවා.

මෙම ණය මුදල රුපියල් ලක්ෂ 8ක උපරිමයකට යටත්ව ලබාදෙන අතර පොලී රහිතව රුපියල් ලක්ෂ 3ක ශිෂ්‍යාධාර ණයක් අවශ්‍ය සිසුන් සඳහා ඉල්ලුම් කළ හැකිය. මේ පිළිබඳ වැඩිදුර විස්තර studentloans.mohe.gov.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර සුදුසුකම් සම්පූර්ණ කළ අයැදුම්කරුවන් මෙම වෙබ් අඩවිය භාවිතයෙන් අයැදුම්පත් එවිය යුතු වෙනවා. මානව හා සමාජ විද්‍යා, වාණිජ්‍ය, ජීව විද්‍යා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඉන්ජිනේරු තාක්ෂණය යන උපාධි පාඨමාලා මෙහිදී හැදෑරීමට අවස්ථාව විවර වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post