මාර්ග අංක 138/2, මත්තේගොඩ – පිටකොටුව පෞද්ගලික බස් සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඊට හේතු දක්වන ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ “අදාළ බස් රථ ගාල් කරන ස්ථානය හෝමාගම ප්‍රාදේශීය සභාව විසින් පවරා ගෙන කඩ පේලියක් ඉදි කිරීමට කටයුතු කිරීමට නියමිතව තිබෙනවා. එදිහි බස් රථ ගාල් කිරීමට අවහිරතා ඇති වෙනවා. අපි අද තීරණය කරනවා මේ වර්ජනය ඉදිරියටත් ගෙනියනවාද කියලා.”