News Line| Off Air
Generic placeholder image

Jan
17

2015 – 2018 කාලයේ සිදු වූ වංචා ගැන සොයන ජනපති කොමිසම පත් කෙරේ

552 Views


2015 – 2018 කාලයේ සිදු වූ වංචා ගැන සොයන ජනපති කොමිසම පත් කෙරේ

2015 වසරේ ජනවාරී මස 14 වැනිදා සිට 2018 වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා රාජ්‍ය ආයතනවල සිදු වූ දූෂණ සහ වංචා පිළිබද විමර්ශනය කිරීමට පංච පුද්ගල ජනාධිපති කොමිසමක් පත් කර තිබේ.

විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන සහ විශ‍්‍රාමික විගණකාධිපති පස්දුන් කෝරලේ ආරච්චිගේ පේ‍්‍රමතිලක ඊට ඇතුළත් වෙනවා.

විශ‍්‍රාමික අමාත්‍යංශ ලේකම් ලලිත් ආර් ද සිල්වා හා විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එම් කේ ඞී විජය අමරසිංහ මෙම කොමිසමේ සෙසු සාමාජිකයින් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post