ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර හා අමාත්‍ය රාජිත සේනාරත්න අතර සිදුවූ සාකච්ඡාවක් දේශපාලන වේදිකාව උණුසුම් කර තිබෙනවා.
ඇමති රාජිත සේනාරත්න ප්‍රසිද්ධව සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන සැලසුම් සහ ඉදිරි අපේක්ෂකයන් පිළිබඳ තීරණ ගන්නා ඉදිරිපෙළ නායකයෙකු වශයෙනුයි. කුමාර් සංගක්කාර මෙරට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අතර ඔහු 2020 එජාප පොදු අපේක්ෂකයා වනු ඇතැයි බොහෝ දෙනා මත ප්‍රකාශ කරනවා.
එක්දින ශතක 25ක් සහ ටෙස්ට් ශතක 38ක් රැස් කර ඇති කුමාර් සංගක්කාර මෙරට ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීම ඊට හේතුවයි. මෙයට අමතරව ඔහු විස්සයි විස්ස අර්ධ ශතක 8ක්ද රැස් කර තිබෙනවා.
කෙසේ වෙතත් තමන් හා කුමාර් සංගක්කාර අතර ඉකුත්දා පැවති සාකච්ඡාවක් පිළිබදව අමාත්‍ය රාජිත සේනාරත්න මාධ්‍යයට අදහස් දක්වනවා. එම සාකච්ඡාව කිසිදු දේශපාලන කරුණක් සම්බන්ධයෙන් පැවැත්වූ එකක් නොවන බව එහිදි අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
කුමාර් සංගක්කාර විසින් ඉදිරිපත් කෙරුණු සෞඛ්‍ය ප‍්‍රවර්ධන යෝජනාවක් සම්බන්ධයෙන් එම සාකච්ඡා සිදු කෙරුණු බවද අමාත්‍යවරයා පැවසුවා.