News Line| Off Air
Generic placeholder image

Jan
17

රජයේ වාහන වලටත් කාබන් බද්දක්

703 Views


රජයේ වාහන වලටත් කාබන් බද්දක්

මෙම වසරේ ජනවාරි මාසයේ සිට සියලුම වාහන සඳහා කි‍්‍රයාත්මක කාබන් බද්දෙන් රජය සතු වාහන නිදහස් කර නොමැති බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

රජය සතු වාහන කාබන් බද්දෙන් නිදහස් කර ඇති බවට ඇතැම් මාධ්‍යවල පළවු වාර්තාවේ කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

2018 අයවැය මගින් සම්මත කරනු ලැබූ කාබන් බද්ද 2018 අංක 35 දරණ මුදල් පනත යටතේ ස්ථාපිත කොට තිබෙනවා.

සෑම මෝටර් රථයක්ම ලියාපදිංචි කරනු ලබන පළමු වර්ෂයේදී හැර වාර්ෂිකව ආදායම් බලපත‍්‍රය අලූත් කරනු ලබන අවස්ථාවේදී මෙම බද්ද අය කෙරෙනවා.

ඒ, වාහනවල එන්ජින් ධ ධාරිතාවය පදනම් කර ගනිමින් කාණ්ඩ 03ක් යටතේයි. මෙම බද්දෙන් නිදහස් කර ඇත්තේ විදුලි බලයෙන් කි‍්‍රයාත්මක කෙරෙන රථ වාහන පමණක් බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post