මෙම වසරේ පෙබරවාරි 4 නිදහස් දා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට නිදහස ලබා ගැනීමට උත්සහා කරන බව ශ්‍රීලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී දුමින්ද දිසානයාක මහතා ප්‍රකාශ කරනවා.
ඥාණසාර හිමියන්ගේ සුවදුක් විමසීමට වැලිකඩ බන්ධනාගාරයට යාමෙන් අනතුරු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
“ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බෞද්ධයින්ට මෙන්ම සමස්ත රටේ ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් කළ හිමිනමක්. උන්වහන්සේ මේ වන විට බන්ධානාගර ගතව සිටින්නේ අධිකරණයට අපහස කිරිමේ චෝනදාව යටතේයි. මහානායක හිමිවරුන්ගේ සහ සියලු දෙනාගේ සහයෙන් තමයි උන්වහන්සේ නිදහස් කර ගැනිමේ ඉල්ලී සිදුකරන්නේ. එකට අන්‍යාගමික සියලුම දෙනාත් එක්වේවී. එ අනුව අපි සියලුම දෙනා සුදානම් වනවා ජනාධිපතිතුමගෙන් මේ පිළිබඳව ඉල්ලිමක් කරන්න යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.