News Line| Off Air
Generic placeholder image

Jan
19

ලෝක දේශපාලනය උඩුයටිකුරු වෙයි

870 Views


ලෝක දේශපාලනය උඩුයටිකුරු වෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ දෙවන හමුව සම්බන්ධයෙන් ධවල මන්දිරය කරුණු අනාවරණය කර තිබේ.

ඒ අනුව නායකයින් දෙදෙනා ලබන පෙබරවාරි මස අගදි යළි හමුවනු ඇති බවයි ධවල මන්දිරය පවසන්නේ. අමෙරිකාවේ වොෂිංටන් අගනුවරට පැමිණි උතුරු කොරියාවේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ති‍්‍රකයෙකු වන කිම් යොන් චොල් සහ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අතර හමුවක් ඊයේ පැවැත්වුණා.

ඉන් අනතුරුවයි නායකයින් දෙපළගේ දෙවන හමුව සම්බන්ධයෙන් මෙම තොරතුරු අනාවරණ කෙරුණේ. උතුරු කොරියානු නායක කිම් ජොන් අන් විසින් එවන ලද ලිපියක් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් වෙත භාර දීම කිම් යොන් චොල්ගේ මෙම අමෙරිකානු සංචාරයේ අරමුණ වෙනවා.

අදාළ ලිපියේ සඳහන් වන්නේ කුමක් ද යන්න මෙතෙක් උතුරු කොරියාව පවසා නැහැ.

මේ අතර නායකයින් දෙපළගේ දෙවන හමුව සිදු වන්නේ කුමන ස්ථානයක ද යන්න සම්බන්ධයෙන් ද කිසිඳු පාර්ශවයක් මෙතෙක් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කර නැහැ. එහෙත්, වියට්නාමයේදී එම හමුව සිදුවනු ඇති බවට මේවනවිටත් නිල නොවන වාර්තා පළ වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post