News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
6

A /L අනිද්දා… විභාගෙ ගොඩ දාගන්න අනිවාර්යෙන්ම හෙට මේ ටික කරන්න.

1322 Views


A /L  අනිද්දා… විභාගෙ ගොඩ දාගන්න අනිවාර්යෙන්ම හෙට මේ ටික කරන්න.

විභාගය කියන්නේ ගොඩාක් අයට වහ කදුරු වගේ වචනයක්. හැබැයි ඉතිං කොච්චර එපා වුනත් ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමය එක්ක විභාග කියන්නේ අනිවාර්ය දෙයක්. ඒ නිසා හොදම වැඩේ ඒ ඒ විභාග වලට හොදට මුහුණ දෙන එක. A /L විභාගයටත් තව තියෙන්නෙ පැය 48 ක් විතරයි. ශිෂ්‍යත්ව විභාගයටත් වැඩි දවසක් නෑ. ඒ නිසා අපිට හිතුනා මේ ඉතිරි පැය කීහිපයේ විභාගේ ලියන්න ඉන්න සිසුන් කරන්න ඕන මොනවද නොකරන්න ඕන මොනවද කියලා ඔබට කියන්න. මේ තියෙන්නෙ ඇමෙරිකාවේ පරීක්ෂකයින් පිරිසක් වසර ගණනක් තිස්සේ කරපු පරීක්ෂණයකින් හොයා ගත්ත කරුණු කාරණා ටිකක්.

විභාගෙට පැය 24 ක් තියෙද්දී අනිවාර්යෙන් මේ ටික කරන්න පටන් ගන්න.

1. හොද පෝෂදායි ආහාර වේලක් ගන්න.
පුලුවන්නම් රෑ කෑම එකට බිත්තර කීපයක් එකතු කරගන්න. අතුරුපස විදියට Dark Chocolate කෑල්ලකුත් කන්න. මොකද ඒ දෙකම මොළයේ මතක ශක්තිය වැඩි කරනවා. අනික බඩගින්නේ පාඩම් කරන දේ මොළේට යන්නෙත් නෑ නෙ.

2. ඔබේ ශරීරය හොදින් සූදානම් කර ගන්න.
වැසිකිලියට යන්න. ශරීරය නිදහස් කරගන්න. පොඩ්ඩක් වත්ත වටේ හරි පාරේ හරි ඇවිදලා එන්න. මොකද ඔබට පාඩම් කරන්න වාඩි වුනාම නැගිටලා එහා මෙහා යන්න හිතෙන එකක් නෑ එතකොට.

3. විභාගයට ඕන කරන දේවල් සූදානම් කරගන්න.
නිල් හා කළු පාටින් පෑන් දෙක ගානෙ ගන්න. ඒ පෑන් වලින් කොළේක ලියලා පෑන හොදට සූදානම් කරගන්න. අඩිරූල්, කවකටු වගේ උපකරණ ඕන නම් ඒවත් ගන්න. විභාගේ පටන් ගන්න කලින් බලන්න සටහන් තියේ නම් ඒ දේවලුත් අරගන්න. හැදුනුම්පත සහ විභාග ප්‍රවේශ පත්‍රයත් මතක ඇතුව ලගට ගන්න. දැන් ඒ සේරම මේසෙ උඩින් පිළිවෙලකට තියා ගන්න.

4. විනාඩි 45 ක් පාඩම් කරන්න. විනාඩි 5ක් විවේක ගන්න.
ඔබ එක දිගට පැය දෙක තුන පාඩම් කරන්නවා නම් ඔබට කිසිදෙයක් මතක හිටින එකක් නෑ. මොකද මොළේට වුනත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා විනාඩි 45 ක් පාඩම් කරලා විනාඩි 5 ක විවේකයක් අරන් ආයේ පාඩම් කරන්න.

5. පාඩම් සටහන් හොදින් බලා ගන්න.
ඔබේ ගුරුවරයා දීලා තියෙන පාඩම් වලට අදාළ සටහන් තියේ නම් ඒවා හොදින් බලා ගන්න. ඔබට මතක හිටින්නේ නැති සමීකරණ, සූත්‍ර තියේ නම් ඒවා සින්දුවක් විදියට හරි මතක හිටින වාක්‍යයක් වගේ මතක තියා ගන්න.

6. කාට හරි කියල ප්‍රශ්න අසා ගන්න.
ඔබේ අම්මට, තාත්තට, සහෝදරයෙකුට, සහෝදරියකට හරි යාලුවෙක්ට හරි කියන්න ඔබෙන් පාඩමෙන් ප්‍රශ්න අහන්න කියලා. ඒ වට ඔබ ඉතා ඉකමනින් හා හරියටම උත්තර දෙන්න.

7. ඉක්මන් විවරණයක් කරන්න.
කොලයක් අරගෙන ඔබේ සමීකරණ, සූත්‍ර සහ වැදගත් දවස් ඉක්මනින් ඒ කොලේ ලියන්න. එතකොට ඔබට පුළුවන් හෙට විභාගයට කලින් ඒවා බලා ගන්න.

8. පහුගිය ප්‍රශ්න පත්‍රයක් අරගෙන වෙලාවට උත්තර ලියන්න.

9. කොච්චර පාඩම් කරත් අමතක වෙන දේවල් පස්සේ වැඩිය යන්න එපා. ඒ වගේම පහුගිය කාලෙ පාඩම් කරත් නැතත් A 3 ක් දානවා කියලා හිතාගෙන හෙට දවස ගත කරන්න සහ විභාගයට යන්න.

10. හොද සුව පහසුවෙන් නිදා ගන්න.
අනවශ්‍ය විදියට රෑ වෙනකන් නිදිමරන්නෙ නැතුව නිදාගන්න. අඩුම ගානෙ පැය 5 ක් වත් නින්දා ගන්න.. එකෙන් ඔබේ සිත නිරවුල් වෙලා විභාගයට හොදින් මුහුණ දෙන්න උදව් වේවි.

ඒ විතරක් නෙවෙයි මීට අමතරව හෙට හවස් වරුවේ පන්සලට, පල්ලියට, කෝවිලට ගිහිල්ලා වත්පිළිවෙත් ටිකත් කරන්න.
මේ ටික සාර්ථකව කරගන්න දෙමව්පියොත් උදව් කරන්න ඕනේ. ඒ වගේම මේ පාර විභාගේ ලියන, ඔබ දන්නා කියන අය ඉන්නවා නම් ඉක්මනටම මේ රහස් ටික ඔවුන්ට කියන්න. එක ඒ අයට කරන ලොකු උදව්වක් වෙයි.


News Articles
Latest Videos
Most Popular Post