News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
19

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මාධ්‍යට අත තියයි

1013 Views


දඹුල්ල නගරාධිපති ජාලිය  ඕපාත මාධ්‍යට අත තියයි

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත‍්‍රී ගුණරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡුාවක් ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් රැස්වීම පැවති ශාලාවෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා

මාතලේ දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ප‍්‍රධානීන්ගේ ගැටළු සාකච්චා කිරීම සදහා මෙම සාකච්ඡුාව අද කැදවා තිබුනේ දඹුල්ල මහා නගර සභා ශ‍්‍රවණාගාරයේ දීයි
ආණ්ඩුකාරවරයාගේ දඹුල්ල සංචාරය හා එහි කටයුතු ආවරණය කිරීම සදහා අද පෙරවරු 9.30 ට පැමිණෙන්නැයි ලෙස එහි මාධ්‍ය ඒකකය විසින් සියලූම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වෙත ආරාධනා කර තිබුණා

නමුත් එය මාධ්‍යවේදීන් සදහා තහනම් කිරීමට පියවර ගෙන තිබුනේ දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත විසින්
රැස්වීම ආවරණය සදහා ගිය මාධ්‍යවේදියෙකු, අතින් තල්ලූකරගෙන විත් සභා ශාලාවෙන් ඉවතට දැමීමටද කටයුතු කර තිබුණා
එම තත්වය මත ආණ්ඩුකාරවරයාගේ චාරිකාවේ මාධ්‍ය ආවරණයෙන් ඉවත් වීමට මාධ්‍යවේදීන් කටයුතු කලා


News Articles
Latest Videos
Most Popular Post