News Line| Off Air
Generic placeholder image

Jan
19

ජනප්‍රිය දේශපාලනය ගැන අනුරගෙන් හෙළිදරවුවක්

537 Views


ජනප්‍රිය දේශපාලනය ගැන අනුරගෙන් හෙළිදරවුවක්

ජනතාවගේ ආධ්‍යාත්මයට පහර එල්ල කරමින් රටේ සහජීවනයට බාධා එල්ල කිරීම වර්තමානයේ ජනප්‍රිය දේශපාලනය බවට පත්වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අම්පාර ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට සහභාගීවෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

අද වන විට රටේ දේශපාලන වේදිකාව අන් කවරදාටත් වඩා වැඩියෙන් ජනතාවගේ ආධ්‍යාත්මය හා අනන්‍යතාවය ඇවිස්සීම සිදු කරන බව ඔහු පැවසුවා.

ජනප්‍රිය දිශාවට ගලා යන ගඟේ පිහිනා යෑම සිදු කරන්නේද නැතහොත් ඊට එරෙහිව සහජීවන කොඩිය අත්පත් කර ගන්නේද යන්න අභියෝගය වර්තමානය තුල පවතින බවත් ඒ මහතා ප්‍රකාශ කලේය.


News Articles
Latest Videos
Most Popular Post