News Line| Off Air
Generic placeholder image

Jan
21

නාමල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

558 Views


නාමල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමක් මත ඔහු මෙසේ එම දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරීමේ තැත පිළිබඳව කරන පරික්ෂණ සඳහා නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගන්නා බව එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කරනු ලැබුවා.

ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් හා ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියගෙන්ද ප්‍රකාශයක් ලබා ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post