News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
21

දිලුම් අමුණුගම මංගල ජයාරූපයට සැර කමෙන්ටුවක්. විවාහය නිත්‍යානුකුල නැද්ද ?

3030 Views


දිලුම් අමුණුගම මංගල ජයාරූපයට සැර කමෙන්ටුවක්. විවාහය නිත්‍යානුකුල නැද්ද ?

දිලුම් අමුණුගම කියන්නේ ඔබ අපි බොහෝ දෙනෙක් දන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්.

දේශපාලනය ඔහුට ඕපපාතිකයක් නොවුණු නිසාම දේශපාලනය තුල කැපීපෙනෙන චරිතයක් බවට පත් වෙන්න ඔහුට එතරම් කාලයක් ගියේ නැහැ. වත්මන් දේශපාලන පරිචය තුල ඔහුගේ නම නිතර නිතර කතාවට ලක්වෙනවා.

දේශපාලනය තුල කතාබහට ලක් වෙන දිලුම් පසුගියදා විවාහ දිවියට ඇතුළත් වුණා. විවාහ මංගල උත්සවය පැවැත්වුණේ මහනුවර හෝටලයකදී .
ඒ සම්භන්දව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම සිය නිළ face book පිටුවේ ජයාරූපයක් පළකර තිබුණා. ඒ ජයාරූපයට ඔහුගේ හිතවතුන් සුභ පතමින් comment බොහෝ ගණනක් පල කර තිබුණා. ඒ අතර තරමක් වෙනස් comment එකක් මේ වෙද්දි සමාජ ජාල මාධ්‍යයන්හි අවධානයට ලක්ව තිබෙනවා.

ඒ comment එක පල කර තිබුනේ සංජුලා වික්‍රමසුරිය නමැති කෙනෙක්. එහි සටහන්ව තිබුනේ වසර 09ක් තමන් සමග විවාහ වී සිටියදී කෙසේ තවත් විවාහයකට පිවිසුනේද යන්නයි.සංජුලා වික්‍රමසුරිය පලකල අදහස පහතින් දැක්වේ.

මේ කාරනයේ සත්‍ය අසත්‍යතාවය පිළිබද අප හට හරිහැටි තොරතුරු නොලැබී ඇති අතර, එම තොරතුරු පිළිබඳව සියත 24 අප අවධානයෙන් පසුවනවන අතර ඒ පිලිබඳ ඉදිරියේදී තොරතුරු වාර්තාකිරීමට අප බලාපොරොත්තුව සිටිනවා


News Articles
Latest Videos
Most Popular Post