ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සලසා දීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පනතේ දුෂණය නම් වරද සිදුකළ බවට චෝදනා ලැබ සිටින ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා හා විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාට එරෙහිව නඩුව ලබන පෙබරවාරී 28 වැනිදා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතාට අද (21) නියම කරනු ලැබුවා.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සලකා බැලූ විනිසුරුවරයා එලෙස නියම කළා.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාද විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාද අධිකරණයේ පෙනී සිටියා.
නඩුව කැඳවනු ලැබු අවස්ථවේදී ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ නියෝගය නිකුත් කළ විනිසුරුවරයා පෙබරවාරී මස 25 වැනිදා දක්වා නිශ්ශංක සේනාධිපති මහතාට විදේශගත වීමට අවසර දී තිබෙනවා.