යහපාලන ආණ්ඩුව බලයට පත්වූ 2015 වර්ෂයේ දී පමණක් මැති ඇමතිවරුන්ගේ විදේශ ගමන් සදහා රුපියල් ලක්ෂ 1089 ක් වැය වී ඇත. ඒ ඇමතිවරුන් සහභාගි වූ විදේශ සංචාර 86කට හා මන්ත්‍රීවරුන් සහභාගි වූ සංචාර දාසයක් සදහායි.
රාජකාරි සංචාරය ලෙස ඇමතිවරුන් පනස් අටක් හා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් විදෙස් සංචාර සඳහා සහභාගි වී ඇති අතර පෞද්ගලික සංචාර ලෙස ඇමැතිවරුන් විසි අට දෙනෙක් සහ මන්ත්‍රීවරු නව දෙනෙකු සහභාගි වී ඇත.
ඇමතිවරුන්ගේ සංචාර සඳහා අසූ එක් මිලියන අට ලක්ෂ පනස් දෙදහස් හයසිය හතරක් ද හතරක්ද (81 ,852654) මන්ත්‍රීවරුන් සඳහා රුපියල් විසි විසි හත් මිලියන එක්ලක්ෂ හතලිස් හයදහස් හයසිය විසි හතරක් (27,146624) වශයෙන් රජයේ මුදල් වැය කර තිබේ.