News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
22

බ්‍රිගේඩියර් ප්‍රියංක අත්අඩංගුවට ගැනීමට වරෙන්තු..?

663 Views


බ්‍රිගේඩියර් ප්‍රියංක අත්අඩංගුවට ගැනීමට වරෙන්තු..?

බ්‍රිතාන්‍යයේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු භාරව සිටි බ්‍රිගේඩියර් ප්‍රියංකර අතපත්තු අත් අඩංගුවට ගන්නා ලෙස එරට අධිකරණයක් වරෙන්තු නිකුත් කර ඇති ඹවට ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කරනවා.පසුගිය වසරේ පෙබරවාරි මස 04 වනදා බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටි දමිළ විරෝධතාකරුවන් පිරිසකට හස්ත මුද්‍රාවෙන් තර්ජණය කිරිම ගැන බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දුට එරෙහිව වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ නඩු පවරා ඇත.

ඒ අනුව බ්‍රිතාන්‍ය නිතියට අනුව පොදු රීති පනත උල්ලංඝණය කිරිමේ චෝදනාවට වරදකරු කරමින් වෙස්ට්මිනිස්ටර් අධිකරණය විසින් බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු අත් අඩංගුවට ගැනිමේ නියෝගයක් ඊයේ නිකුත් කර ඇත.නමුත් මේ සම්බන්ධයෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු කියා සිටියේ කිසිදු අධිකරණ නියෝගයක් සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් දැනුම් දිමක් සිදුකර නැති බවයි.


News Articles
Latest Videos
Most Popular Post