News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
22

ගෝඨාට එරෙහි අධිචෝදනා කියවයි

817 Views


ගෝඨාට එරෙහි අධිචෝදනා කියවයි

වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළේ යැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි අධිචෝදනා කියවා දුන් අවස්ථාවේදී ඊට උත්තරවාද ඉදිරිපත් නොකළ විත්තිකරුවන් මෙම නඩුව විභාග කිරීම සඳහ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට මුලික විරෝධතාවයක් ඉදිරිපත් කළා.

සාමාන්‍ය නීතීය යටතේ පැවරිය යුතුව තිබු නඩුවක් පළමු විත්තිකාර ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ තත්වය අනුව එම නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට ඉදිරිපත් කොට ඇතැයි කියමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රෝමේෂ් ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කළා.

ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලට මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීහු ඇතුලත්.


News Articles
Latest Videos
Most Popular Post