කෘෂිකර්මාන්තයට තර්ජනයක් එල්ල කරමින් සිටින සේනා දළඹුවා මැඬලීමට යුද්ධයකට මුහුණදෙන ආකාරයේ සමාන කැපවීමකින් හා කාර්යක්ෂමව කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබෙනවා.
ඒ සඳහා යම් කාල රාමුවක් නිර්ණය කර ගනිමින් ජාතික වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙසත්, රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සහය ඇතිව ඒකාබද්ධ පළිබෝධ නාශක ක‍්‍රමවේදයක් කි‍්‍රයාවට නැංවීමටත් ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබුවා.
අද (22දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ඔහු මෙම උපදෙස් ලබා දුන්නේ සේනා දළඹු විශේෂය ව්‍යාප්තවීම හේතුවෙන් කෘෂිකර්මාන්තයට එල්ල වී ඇති තර්ජනයට මුහුණදීම සඳහා ගතයුතු හදිසි පියවර පිළිබඳ සොයා බැලීමට ය.
මෙම තත්ත්වය පාලනය කිරීමට ජනාධිපති උපදෙස් පරිදි ජනාධිපති කාර්ය සාධන බළකායක් ද පිහිටුවමින් අවශ්‍ය පියවර කි‍්‍රයාත්මක කරමින් සිටින අතර එම බලකාය නිතිපතා රැස්වෙමින් මෙම හදිසි උවදුර මැඩලීමට කඩිනම් තීන්දු තීරණවලට එළැඹීමේ වැදගත්කම ද ජනාධිපති පෙන්වා දී තිබෙනවා.
එසේම මෙම ජනාධිපති කාර්ය සාධක බළකායේ කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් මහවැලි නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා සහ ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු මෙන්ම වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු එම බලකායට ඇතුළත් කර ගැනීමට ද ජනාධිපති උපදෙස් දී තිබෙනවා.