රජයේ විධායක සේවාවල නිරත නිලධාරීන්ගේ වැටුප් සහ දීමනා ගැටලුව සති දෙකක් තුළ විසඳුම් නොලැබුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගනු ලබන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අවධාරණය කරනවා.
2018 වසරේ ජනවාරි මාසයේදී නීති ක්ෂේත්‍රයේ පිරිස්වලට පමණක් වැටුප් වැඩිකිරීම හේතුවෙන් විධායක සේවාවල නිරත තිස් පන්දහසකට අධික පිරිසක විශාල වැටුප් විෂමතාවක් ඇතිවී තිබෙන බවද එම සංගමයේ ලේකම් එච්.ඒ.එල්. උදයසිරි මහතා ප්‍රකාශ කළේය.
මෙම ගැටලු විසඳීම සඳහා ජනාධිපතිවරයා විසින් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී කමිටුවක් පත්කළ බවත් කමිටු වාර්තාව මේ වනවිට ජනාධිපතිවරයාට ලබාදී තිබෙන බවද අද (22 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළා.
නමුත් කමිටු වාර්තාව එළිදැක්වීමක් හෝ කමිටු වාර්තාවට අනුව ගැටලු විසඳීමට කටයුතු කර නොමැති බවද හෙතෙම ප්‍රකාශ කර සිටියේය.