අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ විභාග වන නඩුවකට පෙනී සිටින ලෙස හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ලබන මස 7 වැනිදා ශ්‍රේධ්ඨාධිකරණය හමුවේ පෙනී සිටමින් කරුණු දක්වන ලෙසට ඔහුට නොතීසි නිකුත් කළේය.
හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් මහාචාර්යවරුන් වන චන්ද්‍රගුප්ත තේනුවර, එච්.ඩබ්. සිරිල් හා ප්‍රශාන්ත ගුණවර්ධන යන මහත්වරුන් ගොනු කළ පැමිණිල්ලක් මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නොතීසි නිකුත් කරනු ලැබුවා.