News Line| Off Air
Generic placeholder image

Jan
23

හම්බන්තොට ජාත්‍යන්තර වරායට ප්‍රථම වරට ලෝ බොර නැවක්

705 Views


හම්බන්තොට ජාත්‍යන්තර වරායට ප්‍රථම වරට ලෝ බොර නැවක්

සිමෙන්ති නිෂ්පාදනයේදී යොදා ගන්නා අතිරේකයක් වන ලෝ බොර මෙට්‍රික් ටොන් 27,150 සහිත ‘ඉතාකා පේෂන්ස්’ නැමැති නෞකාව පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වාරයේ නැංගුරම් ලා තිබෙනවා.

හම්බන්තොට ජාත්‍යන්තර වාරයේ ප්‍රථම වරට මෙවැනි හැසිරවීමක යෙදුණද, ඉතා උසස් කාර්යක්ෂමතාවයකින් මෙහෙයුම සාර්ථකව අවසන් කිරිමට වරායේ පළපුරුදු සේවක මණ්ඩලයට හැකි වූ බවත් කොතරම් දුරට සාර්ථක වූවද කිවහොත් ඇතැම් දිනවල මෙට්‍රික් ටොන් 11,000 දක්වා ගොඩබෑමේ අගයක් වාර්තා කිරීමට වරාය සේවකයින් සමත් වූ බව හම්බන්තොට ඉන්ටර්නැෂනල් පොර්ට් ගෲප් සමාගම ප්‍රකාශ කර සිටි .

මෙයට පෙර ලෝ බොර, කුඩා යාත්‍රා මඟින් ගාලු වරායට ගෙන ඒම සිදු කෙරිණි. නමුත් මෙවැනි විශාල තොග නෞකාවන් හැසිරවීමට, ගාලු වරායේ ඉපිළුම් ගැඹුර ප්‍රමාණවත් නොවන හෙයින්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය විසින් මෙම භාණ්ඩ ගොඩ බෑම සාර්ථකව නිමා කල බවද එම සමාගම පෙන්වා දෙනවා.

හම්බන්තොට ඉන්ටර්නැෂනල් පොර්ට් ගෲප් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ,විශාල නෞකා පැමිණිමේ ආර්ථික වාසිය සමඟ කාර්යක්ෂමව ඉහළ මට්ටමේ ඵලදායිතාවයක් ලබා දීම නිසාවෙන්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය දකුණේ ක්‍රියාත්මක වන සිමෙන්ති කර්මාන්තය සඳහා හොඳම විකල්පය බවට පත් වී තිබෙන බවයි. මධ්‍යම පරිසර අධිකාරිය නිර්දේශ කර තිබෙන පරිසර රෙගුලාසි වලට අනුකූලව වරායේ මෙහෙයුම් සිදු කර තිබෙන බවද ඔහු තවදුරටත් පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post