හොරොව්පතාන, කිරලාගල පුරාවිද්‍යා රක්ෂිතයේ නටඹුන් වී ඇති ස්ථූපයක කොටසක් මත සිට පිරිසක් ගත් ඡායාරූප ගත් අග්නිදිග විශ්විද්‍යාල සිසුන් 7දෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුරාවිද්‍යාත්මක ස්ථානයක මෙලෙස හැසිරුණු පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා බෞද්ධ තොරතුරු කේන්ද්‍රය පසුගියදා පොලිස් මූලස්ථානයට පැමිණ පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
අදාළ ඡායාරූපවල සිටින පුද්ගලයින් අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් බව වාර්තා වෙයි
එමෙන්ම එම පිරිසට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසට විෂය භාර අමාත්‍යවරයා තමන්ට උපදෙස් දුන් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා.
අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ හොරොව්පතාන නගරයට ආසන්නයේ කිරලාගල පදානඝර විහාර සංකීර්ණය පිහිටා තිබෙනවා.
ක්‍රිස්තු වර්ෂ 4 වන හා 5 වන සියවසට අයත් බව පැවසෙන මෙම විහාර සංකීර්ණය භාතිකාභය තිස්ස රජු විසින් කරවන ලද සෙල් ලිපියක දපතකර වෙහෙර ලෙසද හඳුන්වා තිබෙනවා.
පසුගිය දිනක පිරිසක් එහි නටඹුන්ව ඇති චෛත්‍ය මත නැඟ ඡායාරූප ගෙන සමාජ ජාලා වෙත මුදා හැර තිබුණු අතර එම ක්‍රියාව බොහෝ පිරිසකගේ දැඩි විවේචනයට ලක්ව තිබුණා.