News Line| Off Air
Generic placeholder image

Jan
24

කිරි පිටි වලටත් මිල සූත්‍රයක් ?

1142 Views


කිරි පිටි වලටත් මිල සූත්‍රයක් ?

ඉදිරි සති දෙක ඇතුළතදී ආනයනික කිරිපිටි සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.ආනයනික කිරිපිටි මිල වැඩි කරන ලෙස කිරිපිටි සමාගම් විසින් කර තිබූ ඉල්ලීම් සම්බන්ධයෙන් පසුගියදා පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹි බවයි පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්. එස්. එම්. ෆවුසර් මහතා ප්‍රකාශ කරන්නේ.මුදල් අමාත්‍යංශ නිලධාරීන් සහ කිරිපිටි ආනයනික සමාගම්වල නියෝජිතයන් ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී ඇති අතර මෙම තීරණය සඳහා සියළු දෙනාම ඒකමතිකව කැමත්ත ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර රජය කිරිපිටි මිල ගණන් ඉහළ නැංවීමට ඉඩ ලබා නොදෙන්නේ නම් ඉදිරි සති දෙක තුනක කාලයේදී රට තුළ කිරිපිටි හිඟයක් ඇති වනු ඇති බවට කිරිපිටි සමාගම් කිහිපයක ප්‍රධානීන් ප්‍රකාශ කර තිබෙනවා.අදාළ කිරිපිටි සමාගම් වර්තමානයේදී මසකට රුපියල් මිලියන 30ත් 40ත් අතර පාඩුවක් ලබන බවත් කිරිපිටි මිල ගණන් රුපියල් 100කින් වැඩි කිරීමට රජය අවසර ලබා නොදෙන්නේ නම් ව්‍යාපාර කටයුතු නැවැත්වීමට සිදුවන තත්ත්වයක් උද්ගත වී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී තිබුනේ.


News Articles
Latest Videos
Most Popular Post